චීන සංවර්ධන බැංකුවේ හිටපු උප සභාපති He Xingxiang ට එරෙහිව අල්ලස් ලබා ගැනීමේ චෝදනා යටතේ අධිචෝදනා ගොනු කර ඇති බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ.
මූල්‍ය බිල්පත් නිකුත් කිරීම සහ නීත්‍යානුකූල නොවන අයුරින් ණය ලබා දීම, විදේශ බැංකු තැන්පතු සඟවා තැබීම යන චෝදනා ගණනාවක් ඔහුට එරෙහිව එල්ල වී ඇතැයි එම වාර්තා පවසයි.
ඔහුට එරෙහිව බීජිං අධිකරණයේ නඩුවක් ගොනු කර ඇතැයි ෂින්හුවා පුවත් ඒජන්සිය සිකුරාදා වාර්තා කළේය.
ව්‍යවසායකයින්ට සහ පුද්ගලයන්ට ප්රතිලාභ ලබා දීම සඳහා ඔහු තම තනතුරුවලින් ප්‍රයෝජන ගෙන ඇති බවත් ඒ සඳහා විශාල මුදල් සහ වටිනා භාණ්ඩ ලබා ගත් බවත් නඩු පවරන්නන් චෝදනා කර ඇත.
ෂින්හුවා පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, ඉහළ නිලධාරියා විදේශ බැංකු තැන්පතු විශාල ප්‍රමාණයක් ද සඟවා ඇති බවයි.