පකිස්තානයේ චීන ආයෝජන අනාරක්ෂිත වෙයි.

චීන පකිස්තාන ආර්ථික සහ⁣යෝගීතාවය යටතේ පකිස්තානයේ ස්ථාපිත කර ඇති ඇමරිකානු ඩොලර් බිලියන 50 ක් පමණ වටිනා චීන ආයෝජන දැඩි අනාරක්ෂිත තත්වයකට මුහුණදී ඇතැයි වාර්තා වේ.

නිකෙයි පුවත් සේවය වාර්තා කරන්නේ ඇෆ්ගනිස්තානයේ ගැටුම් උත්සන්නවීම මීට හේතුව බවයි.

සැප්තැම්බර් 11 වනදා වනවිට ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට නියමිත අතර ඉන් අනතුරැව ඇෆ්ගනිස්තාන පකිස්තාන දේශසීමාවේ විශාල ප්‍රදේශයක බලය තලේබාන් සංවිධානය සතුවනු ඇති බවය විශ්වාස කෙරේ.

ඒ හරහා පකිස්තාන තරෙක් ඊ තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තාන භුමියේ රැකවරණ ලබමින් පකිස්තානය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කරනු ඇති බවට අනාවැකි පළව තිබේ.

එහිදී චීන ආයෝජන ව්‍යාපෘතිද ප්‍රහාරවල ඉලක්ක බවය පත්වීමට ඉඩ ඇති බව අදාළ මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *