චීන ගුවන් යානා යළිත් තායිවාන ගුවන් කලාපය ආක්‍රමණය කරයි

චීන ගුවන් හමුදාවට අයත් යානා 10 ක් පමණ යළිත් වතාවක් තායිවාන ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජේ 16 වර්ගයේ බහුකාර්ය ප්‍රහාරක යානා හතරක්, ජේ 10 වර්ගයේ බහුකාර්ය ප්‍රහාරක යානා හතරක්, වයි 08 වර්ගයේ සබ්මැරීන් ඉලක්ක යානාවක් සහ කේජේ 500 වර්ගයේ පාලන යානාවක් මෙලෙස තායිවාන ගුවන් සීමාවට ඇතුළු වී ඇති බවයි.

තායිවාන ආරක්ෂක බලධාරීන් විසින් සිදුකළ අනතුරැ ඇගවීම්වලින් පසු මෙම යානා එම ගුවන් කලාපයෙන් බැහැරව ගොස් ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

චීන ගුවන් යානා තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කිරීම බහුලව සිදුවන අතර මෑතක සිට එය ඉතා විශාල වශයෙන් සිදුවන බවට චෝදනා නැගී තිබේ.

තායිවාන බලධාරීන් පවසන්නේ, චීනය තම ශක්තිය සහ බලය පෙන්වමින් සිදුකරන මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමුවිය යුතු බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *