ලෝකයේ පාසල් වැසෙද්දී චීනයේ පාසල් ඇරෙයි

මේ වනවිට ලෝක වංසගතයක් බවට පත්ව ඇති මාරාන්තික කොරෝනා හෙවත් කෙවිඩ්-19 වෛරසයේ මූලාරම්භය සිදුවූ චීනය මේ වන විට ඉතා සාර්ථකව වෛරසය පැතිර යාම පාලනය කරමින් සිටී.

ඒ අනුව මසකට අධික කාලයක් තිස්සේ වසා දමා තිබූ චීනයේ ඇතැම් ප්‍රදේශවල පාසල් මේ වනවිට යළි විවෘත කර ඇති අතර නිරිතදිග චීනයේ ගුයිෂෝ පාළාතේ සිසුන් පාසල් යන අයුරු දැක්වෙන දර්ශන ද චීන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය කර තිබේ.

ලොව ප්‍රබල දුබල රටවල් විශාල සංඛ්‍යාවක මේ වනවිට වෛරසය දරුණු අන්දමින් පැතිර යමින් පවතින අතර එම රටවල් පාසල් ඇතුළු අධ්‍යයන ආයතන සියල්ලක්ම පාහේ වසා දමා ඇත්තේ, වෛරසය පැතිර යාම පාලනය කිරීම එක් පියවරක් ලෙසයි.

මේ අතර ඊයේ (17) වන විට චීනයෙන් නව කොරෝනා ආසදිතයින් 21ක් පමණක් වාර්තා වී ඇති අතර වාර්තා වූ මරණ ගණන 13කි.

එම මරණ අතරින් 12ක් වෛරසයේ මූලාරම්භය සටහන් වූ හුබෙයි පළාතෙන් වාර්තා වන අතර අනෙක් මරණය ෂැන්සි පළාතනේ වාර්තා වී ඇති බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කර තිබේ.

එම කෙමිසම වැඩිදුරටත් පවසන්නේ, කොරෝනා බවට සැක සිද්ධින් 45ක් පමණක් අලුතින් වාර්තා වී ඇති බවයි.

පසුගිය සඳුදා (16) දිනයේ කෝරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 930 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති අතර බරපතළ මට්ටමේ පසුවන රෝගීන් සංඛ්‍යාව 2,830 සිට 202 දක්වා පහත බැස තිබේ.

ඊයේ (16) වනවිට දැනට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 8,976 දෙනා ද ඇතුළුව චීනයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80,881 කට ආසන්න ය.

චීනයේ කොරෝනා ආසාදිතයින් 68,679ක් සුවය ලබා පිටව ගොස් ඇති අතර ආසාදිතයින් 3,226 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලොව විශාල රටවල් සංඛ්‍යාවක මාරාන්තික කොරෝනා වෛරසය පැතිරී යන වටපිටාවක් තුළ වෛරසයේ මූලාරාම්භය සටහන් වූ චීනය මේ වනවිට ඉතා සාර්ථකව වෛරසය පැතිර යාම පාලන කරමින් සිටින්නේ ඒ සඳහා එරට බලධාරීන් ගත් පියවර ලොව අනෙකුත් රටවලට ද අනුගමනය කිරීමේ වැදගත්කම කියා පාමිනි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *