ගෝඨාට බැන්න නිසා එලෙව්වයි කිව්ව ‘චිත්‍රාල්ගේ’ ඇත්ත කතාව (VIDEO)

ප්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක පැවැත්වූ ප්‍රසංගයකට සහභාගි වූ චිත්‍රාල් සෝමපාල මහතා සම්බන්ධ වීඩියෝවක් මේ වන විට සමාජ ජාල ඔස්සේ කාගේත් අවදානයට ලක්ව තිබෙනවා.

ඔහු විසින් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාසාත්මක ප‍්‍රකාශ කිරීම හේතුවෙන් සංවිධායක පිරිස විසින් ඔහුට විරෝධය දැක්වූ බවයි ඇතැම් වෙබ් අඩවි සඳහන් කර ඇත්තේ.

එහෙත් එහිදී සිදුව ඇත්තේ වෙනත් සිදුවීමක් බවයි මේ සම්බන්ධයෙන් truenews.lk කළ කරුණු විමසීමක දී චිත්‍රාල් සෝමපාල මහතා සඳහන් කළේ.

ඔහුගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසීම දී ජනාධිපතිවරයාට අපහාස වන ප්‍රකාශයක් නොකළ බවයි සඳහන් කළේ.

ඇතැමුන් පුද්ගලිකව ඔහුට හිරිහැර කර ඇති අතර අවසානයේ ඔහු ඊට විරෝධය පළ කරන අවස්ථාවේ වීඩියෝවක් මෙලෙස වෙනත් අසත්‍ය කරුණු සමග මුදා හැර ඇති බවයි එහිදී හෙළි වුණේ.

“මම ලංකාවේ ඡන්දේ තියෙන කෙනෙක් නෙමේ. මම මොකට ද ජනාධිපතිට අපහාස කරන්නේ. කවුරු හෝ ජනාධිපති වුණාට පස්සේ අපි අපහාස කරලා වැඩක් නෑ. පත්වූ කෙනා හොඳට වැඩ කරන්න ලැබෙන්න ඕනි කියලයි මම හිතන්නේ. ගෝඨාභය රාජපක්ෂ මටවත් එයාට මමවත් මුකුත් කරලා නෑ.” යනුවෙන් චිත්‍රාල් සෝමපාල මහතා truenews.lk වෙත සඳහන් කළා.

ආන්දෝලනයට ලක්වූ වීඩියෝව පහතින්…

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *