බිඳ වැටුණු ෆේස්බුක් යථා තත්ත්වයට පත්වෙද්දී ප්‍රභලයන් දෙදෙනෙක් ගෙදර යයි !

ෆේස්බුක්හි නිෂ්පාදන ප්‍රධානී ක්‍රිස් කොක්ස් හා වට්ස්ඇප් ආයතනයේ ප්‍රධානී ක්‍රිස් ඩැනියෙල්ස් ඉල්ලා අස්වී තිබෙනවා.

කෙසේ වෙතත් මොවුන් දෙදෙනාගේ ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය පෞද්ගලිකත්වය වඩාත් සුරක්ෂිත වන අන්දමේ වෙබ් අඩවියක් බවට පත් කිරීමට සකර්බර්ග් සැලසුම් ඉදිරිපත් කිරීම හමුවේ මෙම ඉල්ලා අස්වීම සිදුව ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම ප්‍රධානීන් දෙදෙනාගේ ඉල්ලා අස්වීම වාර්තා වන්නේ ලොව පුරා බිඳ වැටී තිබූ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් වෙමින් ඇති අවස්ථාවකයි.

එම සමාගමේ ප්‍රකාශකයා උපුටා දක්වමින් සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කළේ, ෆේස්බුක් වෙබ් අඩවියේ සිදු කළ යාවත්කාලීන කිරීමක් නිසි පරිදි සිදු නොවීම මෙම බිඳ වැටීමට හේතුව බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *