“මම පොඩි කාලේ අම්මගෙන් අහලා තියෙනවා මාව ළඟ තියාගන්න බැරි නම් ඇයි මාව හැදුවේ කියලා”-චුලක්ෂි

අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග කියන්නෙ. ඇය පළමුවරට ක්ෂේත්‍රයට පිවිසෙන්නේ එක්තරා තරගාවලියක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි. කොහොම නමුත් චිත්‍රපටි කලාව සඳහා සිය රංගන දායකත්වය ලබා දුන් ඇය මේ වන විට නිරූපණ ක්ෂේත්‍රයෙන් ද ඉහළම ජනප්‍රියත්වයක් ලබාගෙන සිටිනවා.

කලාව තුළ වගේම සමාජ මාධ්‍ය ඔස්සේද ඇය ඉතාමත් ජනප්‍රිය තරුවක්.පසුගිය දිනක දී ඇය එක්තරා යූටියුබ් වැඩසටහනකට එක්වෙමින් අදහස් දක්වා සිටියේ මේ ආකාරයටයි.

” මම පොඩි කාලේ අම්මගෙන් අහලා තියෙනවා ඔයාට මාව ළඟ තියාගන්න බැරි නම් ඇයි මාව හැදුවේ කියලා.ඇත්තටම ඒ වගේ ප්‍රශ්නයක් අම්මෙක්ගෙන් අහනවා කියන්නේ ඇයි මාව හැදුවේ කියලා හරිම අමාරු තත්ත්වයකට පත්වෙනවා.

මගේ ජීවිතයේදී මගේ පවුලේ අයගේ බැඳීම කියන එක මට ලොකුවට පොඩි කාලයේ දී අල්ල ගන්න මට බැරි වුණා. සාමාන්‍යයෙන් ළමයෙක්ව හොස්ටල් දාන්නේ හය වසරේ ඉන්නකොට. නමුත් මම ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙනෙක් ගේ කෙනෙක්ගේ ගෙදර නැවතිලා හිටියා එයා අපේ අම්මාගේ අඳුරන කෙනෙක්. මම පවුලේ අයත් එක්ක ගොඩක් එකමුතුයි.මම ඉස්සර මගේ ආච්චි අම්මාගේ කෙස් ගහ පවා මගේ පොතක් යට දාගෙන හිටියා.”

ඉතින් මේ විදිහට තමයි ඇය අදහස් දක්වා සිටියේ.ඇයගේ අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කර සිටිනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *