CID හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළේය.

ඒ, මරණීය දණ්ඩනය නියමවී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නඩුවට අදාළව ව්‍යාජ සාක්ෂි හඳුන්වා දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක්කිරීම තුළිනි.

එම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් පෙත්සම්කරුට රුපියල්  මිලියනයක වන්දියක් මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ සඳහන් වෙයි.

පෙත්සම්කරුට නීතියෙන් හිමි වියයුතු සියලු වැටුප් වර්ධක, දීමනා හා උසස්වීම් සියල්ල ලබාදීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.

ප්‍රියන්ත ජයවර්ධන, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෛරාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

නීතිඥ විරාන් කොරයා මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කාර පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා වෙනුවෙන් පෙනී සිට තිබුණි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *