රත්ගම දෙදෙනා ඩීසල් දමා පුච්චලා.. පොලිසියේ SI ඝාතනයේ පියවර වමාරයි – සිරුරු කොටස් හමුවුණේ මෙලෙසයි (PHOTOS )

රත්ගම බූස්ස ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙක් පහරගෙන යෑමේ සිදුවීමට අදාළව දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

ඔවුන්ට මාතර දිස්ත්‍රික්කයෙන් පිටත පොලිස් ස්ථාන වෙත මාරුවීම් ලබාදීමට පොලිස්පති පූජිත් ජයසුන්දර කටයුතු කරනු ලැබුවා.

රත්ගම බූස්‌ස ප්‍රදේශයේදී පැහැරගෙන ගොස්‌ ඝාතනය කළේ යෑයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනාගේ බවට සැක කරන පිළිස්‌සුණු අස්‌ථි කොටස්‌, දත් සහ කෙස්‌ කොටස්‌ කිහිපයක්‌ වලස්‌මුල්ල මැදගංගොඩ රක්‌ෂිතයේ තිබී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (22 ) සොයා ගත්තා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු ඊයේ (22 ) පෙරවරුවේ මෙම තරුණයන් දෙදෙනා ඝාතනය කළ බවට සැක කරන නිවස සහ පුළුස්‌සා දැමූ රක්‌ෂිත වනාන්තරයේ අදාළ ප්‍රදේශය පරීක්‍ෂාවට ලක්‌ කළ අතර නිවස පරීක්‍ෂාව සඳහා ගාල්ල මහෙස්‌ත්‍රාත් හර්ෂ කැකුණවෙල මහතාත්, මැදගංගොඩ රක්‌ෂිතය පරීක්‍ෂාවට වලස්‌මුල්ල මහෙස්‌ත්‍රාත් සුරංග මුණසිංහ මහතාත් එක්‌වුණා.

මොවුන් දෙදෙනා පුළුස්‌සා ඇත්තේ ඩීසල් දමා ගිනි තැබීමෙන් බවද දැනට සිදුකරන පරීක්‍ෂණවලට අනුව හෙළිවී තිබෙනවා.

මෙම තරුණයන් පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ උප පොලිස්‌ පරීක්‍ෂකවරයෙක්‌ ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (21 දා) අත්අඩංගුවට ගෙන තිබුණු අතර තරුණයන් ඝාතනය කර පිළිස්‌සූ ස්‌ථානය හඳුනා ගැනීමට රැගෙන ගොස්‌ තිබුණේ මෙම සැකකාර උප පොලිස්‌ පරීක්‍ෂකවරයායි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *