ෆේස්බුක් ක්‍රියාකාරීන් පිරිසකගේ නාම ලේඛණයක් රහස් පොලිසියේ

මුහුණු පොත හරහා වැරදි ප්‍රචාර ගෙන යන අය ජාතිවාදය අවුස්සාගෙන ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔවුන්ගේ නාම ලේඛනය මේ වනවිට රහස් පොලීසිය විසින් ලබාගෙන ඇති බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

සමාජයේ මරණ දැන්වීමක් ප්‍රචාරය කරන්නත් නමක් යොදා ප්‍රචාරය කරන ලදී යනුවෙන් සඳහන් කළ යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා සමාජ ජාලාවලින් අපහාස කිරීමට සහ බොරු ප්‍රචාර ගෙන යාමට බොහෝ දෙනකුට අවස්ථාව ලැබී ඇති බව මෙහිදී කියා සිටියා.

“ඒවාට නම ගම ඕන නෑ.අපේ රජය මාධ්‍යයට උපරිම නිදහස ලබා දී තිබෙනවා. දැන් ඔවුන් ඒ නිදහස තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් යොදාගෙන තිබෙනවා. ඉකුත් රජය කාලයේ මෙසේ කළානම් සුදු වෑන් ඇවිල්ල මෙවැනි අය අරගෙන යනවා. ඒවා ඔබට මතක ඇති. නමුත් අපි අදත් කියන්නේ අපේ රජය දුන් මාධ්‍ය නිදහස භුක්ති විදින්න තරම් උගත් තරුණයන් සිටිනවාද යන්නප්‍රශ්නයක්. මෙවැනි අයට මා බෞද්ධයකු ලෙස ප්‍රකාශ කරන්නේ ඔබ සුවපත් වේවා කියායි ” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *