පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමෝදර දී  ඉකුත්  (9) වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා  අද  (21)  පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබූ දැනුම්දීමකට අනුව පොලිස්පති වරයා අද පස්වරු 2.30 ට පමණ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත .

පොලිස්පතිවරයාට අමතරව විශේෂ බළකායේ අණදෙන නිලධාරිවරයා සහ, පොලිස්  විශේෂ  කාර්ය අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාද  පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර ඔවුන්ගෙන් ද මේ වන විට  ප්‍රකාශ ලබා ගනිමින් පසුවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ගාලුමුවදොර අරගලකරුවන්ට ඉකුත් 09 වෙනිදා පහරදුන් පිරිසට නිදහසේ එහි පැමිණිමට ඉඩ ලැබීම, පිරිස විසුරුවා හැරීමට ගත් උත්සාහයක් වැලැක්වීම,  සම්බන්ධයෙන්  ප්‍රකාශ ලබා ගනිමින් සිටිති

You May also like

Leave a Reply

Your email address will not be published.