දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 729 කට ආසන්න ප්‍රමාණයක් අද (01) දිනයේ විනාශ කිරීම සිදුවනවා.
ඒ, සපුගස්කන්ද ගබඩා සංකීර්ණයේදීයි.
මෙම බහලුම් තුළ ඇති රසායනික ද්‍රව්‍ය සමග අදාළ කොකේන් තොගය මිශ්‍ර කරනු ලබනවා. පසුව එය පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලා පරිශ්‍රය වෙත රැගෙන යනවා. එහිදී අදාළ කොකේන් තොගය පිළිස්සීමට ලක් කරනු ඇති.
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවාරච්චි කියාසිටියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීම සිදුකරන බවයි.
අද දිනයේ මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කරන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේද සහභාගිත්වයෙන්. ජනාධිපතිවරයා ඊයේ කියාසිටියේ මත්ද්‍රව්‍යවලට එරෙහි සටන සාර්ථකව අවසානයක් කරා මෙහෙය වන බවයි.