පොල් මිල තවත් ඉහළට

දැනට වෙළපොලේ ඉහළ ගොස් ඇති පොල් ගෙඩියක මිල ගණන් නොවැම්බර් මාසය වන විට රුපියල් 100 දක්වා තවදුරටත් ඉහළ යා හැකි බව පොල් වගාකරුවන්ගේ සංගමය පවසනවා.

මේ වනවිට වෙළඳපොලේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 70 ත් 85 ත් අතර මිලකටයි.

මසකට මිලියන 250 ක පමණ පොල් ගෙඩි ප්‍රමාණයක් ඵලදාවක් ලබන අතර, ඉන් මිලියන 150 ක්ම පරිභෝජනය සඳහා යොදා ගැනෙනවා.

කෙසේ වෙතත්, පසුගිය කාලසීමාවේදී බලපෑ කාලගුණ තත්වයත් සමඟ පොල් ඵලදාව අඩුවී ඇති බවයි පොල් වගාකරුවන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *