තිලංගගේ පත්වීමට එරෙහිව මහින්ද අමරවීර ඉල්ලූ වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයට හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේ පත්වීම නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී බැවින් එම පත්වීම අත්හිටවමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස එක්සත් ජනතා සන්ධානයේ හිටපු මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර විසින් සිදු කළ ඉල්ලීමක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අමාත්‍යවරයා මෙම වාරණ නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩු අංක 497/2022 යටතේ මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රිපාල සිරිසේන, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ට එරෙහිවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්වරයා නව පත්වීම අත්හිටුවීමට කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටි වාරණ නියෝගය මෙලෙස ප්‍රතික්ෂේප කළේ කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම විසින්.

මෙහි දී පැමිණිලිකාර මහින්ද අමරවීර වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු පෙනී සිටි අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක පෙනී සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *