කලම්බෝ කිංග්ස් ජය ගනී

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති දෙවන තරඟයෙන් ජය ගන්නට කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ මෙම තරඟයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 34කින් පරාජය කරමින්.

වර්ෂාවෙන් තරඟයට බාධා එල්ලවීම හේතුවෙන් ප්‍රමාදවී ආරම්භකළ තරඟය එක් ඉනිමක් පන්දුවාර 05කට සීමා වුණා.

ඒ අනුව කාසිය වාසිය දිනූ ග්ලැඩියේටර්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කලම්බෝ කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 05 තුල එක් කඩුල්ලකට ලකුණු 96ක් රැස් කළා.

එහිදී ඇන්ඩෘ රසල් නොදැවී වේගවත් ලකුණු 65ක් රැස්කළේ පන්දු 19කට පමණක් මුහුණ දෙමින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් සහ හතරේ පහර 09ක් ඇතුලත් වූ අතර ඔහු අර්ධ ශතකය රැස් කිරීමට වැය කළේ පන්දු 13ක් පමණයි.

එය පන්දුවාර 20 තරඟ තුල ක්‍රීඩකයෙකු රැස්කළ පස්වන වේගවත්ම අර්ධ ශතකය වනවා.

අනෙක් අන්තයේ හිඳිමින් ඔහුට අනගි සහයක් ලබාදුන් ලෝරි එවන්ස් නොදැවී පන්දු 10කදී ලකුණු 21ක් රැස් කළා.

පන්දු 30ක් තුල ලකුණු 97ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ග්ලැඩියේටර්ස් පිළට නියමිත පන්දුවාර 05 තුල කඩුලු ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 62ක් පමණයි.

ඒ අනුව ලකුණු 34ක ජයක් කලම්බෝ කිංග්ස් කණ්ඩායම හිමිකරගත්තා.

තරඟයේ වීරයා ඇන්ඩෘ රසල්

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *