රන්ජන් අද කිරිඇල්ලට දෙන ‘මත්ද්‍රව්‍ය භාවිත කරන’ මන්ත්‍රී ලිස්ට් එක

මත්ද්‍රව්‍ය භාවිත කරන සියලූම මැති ඇමැතිවරුන්ගේ නාම ලේඛනයක් ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට අද (22) ලබා දෙන බව රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළා.

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමැතිවරුන් සිටින බවට රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනය කරන සභානායක ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වයෙන් යුත් සිව් පුද්ගල කමිටුව අද පෙරවරු 10 ට ප්‍රථමවරට රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී මෙම විමර්ශන කමිටුව රැස්වන අතර තමා අද එම කමිටුව හමුවට කැඳවා ඇතැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවනවා.

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමැතිවරුන්ගේ නාම ලේඛනයක් ද ඒ සම්බන්ධව තමන් දන්නා සියලූ තොරතුරු ද අද තමා කමිටුව හමුවේ හෙළිදරව් කරන බවද හෙතෙම සඳහන් කළා.

මෙම කමිටුවට ලක්‍ෂමන් කිරිඇල්ල, ඉරාන් වික්‍රමරත්න, මහාචාර්ය ආශු මාරසිංහ යන මැති ඇමැතිවරු මෙන්ම අධිනීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා ද ඇතුළත් වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *