ගෙවුණු පැය 24දීත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් ඉන්දියාවෙන්

ගෙවුණු පැය 24 තුළත් ලොව වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. ඒ, 386,829ක් ලෙසය.

එමෙන්ම මරණද 3498ක් වාර්තා දී ඇත.

කොවිඩ් 19 දෙවන රැල්ල හමුවේ දිනෙන් දින දරුණු අතර හැරෙන ඉන්දියාවේ මහජන සෞඛ්‍ය අර්බුදය යළි යථාවත් කරගැනීම සඳහා ලොව බොහෝ රටවලින් ආධාර ලැබෙමින් පවතින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

ඒ අනුව අද උදෑසන වන විට ඇමරිකාවෙන් පළමු හදිසි ආධාර තොගය ගුවන් මඟින් ලැබී තිබෙන අතර එහි ඔක්සිජන් සිලින්ඩර 400කට වැඩි ප්‍රමාණයක් , පවතින බවත් වේගවත් කොරෝනා පරීක්ෂණ කට්ටල මිලියනක්, තවත් රෝහල් උපකරණ ඇතුළු ආධාර තොගයක් එහි වූ බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ඇමරිකානු තානාපති කාර්යලය ට්විටර් පණිවුඩයක් තබමින් පවසා ඇත්තේ වසර 70ක ට වැඩි දෙරටේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් කොවිඩ් 19 මාරයා පරාජය කිරීමට ඉන්දියාව සමඟ එකට සිටගන්නා බවයි.

මේ වන විට ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර,කේරළ,කර්ණාටක,උත්තර් ප්‍රදේශ,තමිල්නාඩු සහ දිල්ලියෙන් වැඩිම ආසාදිතයින් වාර්තා වෙමින් පවතියි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *