සමගියේ අසමගිය පුපුරා යයි – ජාතික ලැයිස්තුව බෙදා ගන්නත් ගැටුම්

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට පත් කරන මන්ත්‍රීවරුන් හත්දෙනා පිළිබඳව ගත් තීරණය යළි සාකච්ඡා කිරීමට අද නියමිත බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, මෙවර මැතිවරණයෙන් පරාජය වූ කිසිදු මන්ත්‍රීවරයෙකු ජාතික ලැයිස්තුවෙන් නම් නොකරන බවයි එහි නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ.

ඊයේ දිනයේදී ශිරාල් ලක්තිලකගේ නම ජාතික ලයිස්තුවේ තිබුණ ද එම ලැයිස්තුව යළි වෙනස් කිරීමේ සුදානමක් පවතිනවා.

ඒ අතර සමගි ජන බලවේගය විසින් පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තුව නම් නොකරන්නේ නම් මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සමග සුළු ජාතික පක්ෂ පාර්ලිමේන්තුවේ තනිව අසුන් ගැනීමට තීරණය කර තිබෙනවා.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා මේ බව පවසමින් ඊයේ දිනයේ සමගි ජනබල පක්ෂයේ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවේදී පක්ෂ නායකයාට අනතුරු අගවා තිබුණා.

මනෝ ගනේෂන් මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *