මහවැලියට කෝප් කමිටුවෙන් දොස්

මහවැලි අධිකාරියේ සේවා කාර්යක්ෂමව සහ ගුණාත්මකව ඉටු කිරීමට අපොහොසත්වීම පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ( කෝප් කමිටුව) මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළේය.

පුරවැසියන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම අධිකාරියේ මූලික අරමුණක් ලෙස සඳහන්ව තිබුණද එම අරමුණ ඉටු කිරීමට අපොහොසත්ව ඇතැයිද සභාපතිවරයා කීවේය.

ඒ අනුව මහවැලි අධිකාරියේ ප්‍රතිපත්ති පරීක්ෂා කර නවීන ලෝකය වඩා ගැළපෙන පරිදි මෙහෙවර සහ දැක්ම යළි සකස් කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

එසේම අධිකාරිය ඉඩම් වෙන්කිරීමේ ක්‍රියාවලියේදී ඩිජිටල් යටිතල පහසුකම් භාවිතා නොකිරීම පිළිබඳව කමිටුව කරුණු විමසීය. එම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙසද කමිටුව මෙහිදී උපදෙස් දුන්නේය.

ඉඩම් පැවරීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසද එම අධිකාරියට උපදෙස් දුන් බව කෝප් කමිටුව පවසයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *