කෑගල්ල මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 06කට සහ පවිත්‍රතා අංශයේ 06කට කොරෝනා

කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකුට සහ පවිත්‍රතා අංශයේ 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබෙනවා.

ඒ, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින්.

අදාළ ආසාදිතයින් 06 දෙනා අතරට හෙදියන් දෙදෙනෙක් සහ සෞඛ්‍ය කාර්ය සහකයින් සිව් දෙනෙකු අයත්.

ඊට අමතරව රෝහල් පවිත්‍රතා අංශයේ සේවය කළ පෞද්ගලික ආයතනයකට අනුබද්ධ සේවිකාවන් 06 දෙනෙකුටද වෛරසය ආසාදිත බව හඳුනා ගැණුනා.

මේ හේතුවෙන් පවිත්‍රතා අංශයේ ඉතිරි සේවකයින් සියළු දෙනා ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *