කොස්ගොඩ හෝටලයක සිටි පහකට කොරෝනා

විදේශගතව සිට කොස්ගොඩ හිද්දරුවේ පිහිටි සංචාරක හෝටලයක යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 225 දෙනෙකුගෙන් පස් දෙනෙකුට කොරෝනා වයිසරය ආසාදනයවී ඇති බවට තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.

කටුනායක ගුවන් තොටුපළේදී ලබාගන්නා ලද ජෛව සාම්පල පරීක්ෂණ අනුව මෙම පුද්ගලයින් පස් දෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙනවා.

එම පස්දෙනා ඊයේ (28) සවස කොළම අයි.ඩී.එච් රෝහලවෙත ගෙන ගොස් ඇති අතර පුද්ගලයින් 220 ක් තව දුරටත් එම හෝටලයේ නිරෝධායනය වන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *