කුවේට්හි සුරක්ෂා නිවසේ සිටින ‘ලාංකිකයන් බහුතරයකට’ කොරෝනා

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිටි සුරක්ෂා නිවහන සඳහා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් භාරගැනීම නතර කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසකට සහ සුරක්ෂා නිවහනේ දීර්ඝ කාලයක් තිස්සේ රැදී සිටින ගෘහ සේවිකාවන් 160 දෙනාගෙන් බහුතරයකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඒ අනුව මෙම අවස්ථාව වන විට සුරක්ෂා නිවහනේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් පැමිණෙන ගෘහ සේවිකාවන් සඳහා නවාතැන් පහසුකම් සැපයීමේ ගැටලුවක් මතුව ඇති බැවින් මින් ඉදිරියට කිසිදු ගෘහ සේවිකාවක් සුරක්ෂා නිවහනට භාර නොගැනීමට තීරණය කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් .

මේ හේතුවෙන් තම සේවා ස්ථානවල යම් ගැටලුවක් මතු වුවහොත් තානාපති කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙසත්, තානාපති කාර්යාලය අමතා හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා තම පැමිණිල්ල ඉදිරිපත් කර විසඳා ගැනීමට කටයුතු කරන ලෙසත් කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එරට සේවයේ නිරත ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට දැනුම් දී තිබෙනවා.

මේ අතර වසා දැමුණු තානාපති කාර්යාලය හදිසි මහජන සේවා සැපයීම සඳහා පමණක් හෙට (18) දිනයේ සිට අර්ධ වශයෙන් විවෘත කරන බව ද කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *