විවාහ උත්සවයකින් 16කට කොරෝනා වැළඳිලා..අයෙක් මරුට – රුපියල් ලක්ෂ 06 ක දඩයක් ගසයි

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා පනවා ඇති දැඩි සෞඛ්‍ය නීති රීති උල්ලංඝණය කරමින් විවාහ උත්සවයක් පැවැත්වූ පවුලකට ඉන්දීය රජයේ බලධාරීන් විසින් රුපියල් ලක්ෂ 06 ක දඩයක් පනවා තිබෙනවා.

ඉන්දියාවේ, රාජස්ථාන් හිදී පැවති මෙම විවාහ උත්සවයට සහභාගිවූ පුද්ගලයින් 16 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වූ අතර එයින් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වුණා.

වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 15 දෙනාට ප්‍රතිකාර කිරීමට සහ නිරෝධායනයට යොමු කළ පුද්ගලයින් 58 දෙනෙකු වෙනුවෙන් සිදුකළ PCR පරීක්ෂණ ඇතුළු වෛද්‍ය ප්‍රතිකාර සඳහා වියදම් ලෙස රුපියල් 626,000 ක මුදලක් මනමාලයාගේ පාර්ශවයෙන් අය කර ගැනීමට ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත.

රාජස්ථානයේ බිල්වාරා හි සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු විසින් සිය පුත්‍රයාගේ විවාහ උත්සවය සඳහා පැමිණි සියලු දෙනාට මුඛ ආවරණ, විෂබිජ හරණ දියර ලබාදීමටත් සමාජ දුර්ස්තභාවයෙන් යුතුව විවාහයට සහභාගිවීමට අවශ්‍ය සියලු දේ සුදානම් කොට තිබු බවයි වාර්තා වන්නේ.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රජය විවාහ උත්සවයක් සඳහා සහභාගිවිය හැකි උපරීම අමුත්තන් සංඛ්‍යාව 50 ක් ලෙස සිමා කර තිබියදී මෙම විවාහය සඳහා දහසකට අධික අමුත්තන් පිරිසක් සහභාගිවී ඇත.

වසංගත රෝග පාලනය සඳහා පනවා ඇති නීති උල්ලංඝණය කිරිම හේතුවෙන් මනමාලයාගේ පවුලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට රජයේ බලධාරීන් පියවර ගෙන ඇත

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *