කොරෝනා නිසා ව්‍යවස්ථා අර්බුධයක් – ජනපති සමග කොමිසම හිරවේ

ජුනි මස 02 වැනි දිනට පෙර නව පාර්ලිමේන්තුව රැස් වීමට නොහැකි වුවහොත් ව්‍යවස්ථාමය ගැටලුවක් ඇති විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර වෙත යොමු කළ ලිපියක මේ බව සඳහන් වනවා.

අප්‍රේල් මස 25 වන දින මැතිවරණය පැවැත්විය නොහැකි තත්ත්වයක් මේ වන විට මතුව තිබෙනවා.

පාර්ලිමේන්තුව රැස්වීමේ නව දිනයක් ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයකින් නිවේදනය කළ යුතුව ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන අනුව එම දිනය පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනයෙන් මාස තුනකට පසු දිනයක් නොවිය යුතුය .

එබැවින් නව පාර්ලිමේන්තුව ජුනි මස 01 දාවත් රුස් විය යුතුව තිබෙනවා. එසේ නම් මැතිවරණය මැයි 27 හෝ 28 වත් පැවැත්විය යුතු අතර ඒ සදහා සංවිධාන කටයුතු මෙම 20 වැනිදාවත් ආරම්භ කළ යුතු තිබෙනවා.

පවතින තත්ත්වය අනුව එම දිනවල මැතිවරණ කටයුතු සිදු කිරීමේ අපහසුතාව මැතිවරණ කොමිසම පෙන්වා දෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *