කොරෝනා සුව නොවන ධම්මික පැණිය

සායනික පරීක්ෂාවෙන් අසමත් වූ පැණිය මින් ඉදිරියට නිෂ්පාදනය නොකරන ලෙස අද දිනයේ ධම්මික බණ්ඩාර නැමැත්තාට ලිඛිතව දැනුම් දෙන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි වීරසේකර ප්‍රකාශ කළා.

මෙම පැණිය ආහාර අතිරේකයක් ලෙස භාවිතයට ගැනීම සඳහා නිෂ්පාදනය කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදුන් අතර එම කාලසීමාව මේ වන විට අවසන් වී ඇති බවයි ලේකම්වරිය සඳහන් කළේ.

මෙම පැණිය පානය කිරීමෙන් කොරෝනා සුව වන බවට ධම්මික බණ්ඩාර නැමැත්තා දිගින් දිගටම ප්‍රකාශ කිරීමත් සමඟ එය සායනික පරීක්ෂණයකට යොමු කෙරුණා.

කෙසේ වෙතත්, සිදුකළ එම පරීක්ෂණයේදී මෙම පැණිය පානය කිරීමෙන් කොරෝනා සුව නොවන බවට තහවුරු වී ඇති අතර ඒ අනුව විද්වත් කමිටුව සිය අවසන් වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ ධම්මික පැණිය කොරෝනා වෛරසයට එරෙහි කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්කර නොදෙන බවටයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *