පන්නල ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකටත් කොරෝනා ඇතුළුවේ

පන්නල පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමඟම එම කර්මාන්ත ශාලාවේ අංශ 03 ක් අද (20) තාවකාලිකව වසා දැමුවා.

කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි පල්ලියක පැවති දේව මෙහෙයට සහභාගී වූ පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම එම කණ්ඩාමට සම්බන්ධ මෙම සේවිකාව ගමන් කළ කර්මාන්තශාලා බස් රථයේ සිටි පිරිස සහ අංශ තුනේ සේවය කරන 60 දෙනෙකුට ආසන්න පිරිසක් නිරෝධයනය කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සඳහන් කළා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *