මෘදුකාංග නිෂ්පාදන ආයතනයක සේවකයෙක්ටත් කොරෝනා

මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් වන WSO2 හි මෙරට පිහිටි කාර්යාලයෙහි සේවකයෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මීට පෙර කොරෝනා ආසාදිත බව හඳුනාගත් පවුලේ සාමාජිකයෙකුගෙන් එම සේවකයාට වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

එසේ ම, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ද මේ විට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බව එම ආයතනය සඳහන් කරනවා.

එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අදාළ සේවකයා පසුගිය අගෝස්තු මාසයේ සිට WSO2 කාර්යාලය වෙත පැමිණ නොමැති බවත් ඒ හේතුවෙන් එහි සේවකයන්ට බලපෑමක් නොමැති බවත්ය.

කෙසේ වෙතත්, එම සේවකයාගේ ආශ්‍රිතයන් සොයා මේ වන විටත් සෞඛ්‍ය අංශ කටයුතු කරන බවත් ඊට තම ආයතයන සහය දක්වන බවත් එම ආයතනය සඳහන් කරනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *