බැට් මෑන්ට කොරෝනා

සුප්‍රකට බැට් මෑන් හොලිවුඞ් චිත්‍රපට මාලාවේ බැට්මෑන් චරිතය රඟපාන නවතම රංගන ශිල්පියා වන රොබට් පැටින්සන් ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ නිසා බැට්මෑන් චිත්‍රපට කථා මාලාවේ නවතම චිත්‍රපටයේ රූ ගතකිරීම් තාවකාලිකව අත්හිටවූ බවයි වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට සමාගම නිවේදනය කළේ.

තම චිත්‍රපට කණ්ඩායමේ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ නිසා රූගත කිරීම් අත්හිටවූ බව, ප්‍රකාශ කළද වෝනර් චිත්‍රපට සමාගම ආසාදිත පුද්ගලයා නම් කළේ නැහැ.

එහෙත් වැනිටි ෆෙයාර් සහ හොලිවුඞ් රිපෝටර් යන සඟරා මගින් එලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ බැට්මෑන් ලෙස රඟපාන රොබට් පැටින්සන් ට බව අනාවරණ කළා.

ඉන් පසු නිව්යෝක් ටයිම්ස් පුවත්පතද එම පුවත තහවුරු කර තිබෙනවා.

මල්ලවපොර ශූරයෙකුව සිට හොලිවුඞ් තිරයට පිවිසි ද රොක් ලෙස හැඳින්වෙන ඞ්වේන් ජොන්සන්ටද කොරෝනා ආසාදනය වී ඇති බව පසුගියදා ප්‍රකාශ වුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *