කොළඹින් බස් රථයේ මාතරට ගියා..බෙහෙත් ශාලා කිහිපයකට ගියා – තිදරු පියාට කොරෝනා

දෙයියන්දර නෙරලම්පිටියේ පදිංචි 52 හැවිරිදි තිදරු පියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණයක දී අද (19) තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවනවා.

කඹුරුපිටිය ආදපාන රජයේ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ නේවාසික ප්‍රතිකාර ලබන ඔහුගේ තත්වය බරපතල නොවන බව දැන ගන්නට තිබෙනවා.

කොළඹ වරායේ පෞද්ගලික සමාගමක සේවය කරන ඔහු ඉකුත් 11 වැනි කොළඹ සිට අධීවේගී මාර්ගයේ ලංගම බසයකින් මාතර ප්‍රධාන බස් නැවතුම්පොල වෙත පැමිණ තිබෙනවා.

පසුව මාතර සිට දෙයියන්දර බලා ධාවනය වන ලංගම බසයකින් දෙයියන්දර නගරයට ළඟා වී එතැන් සිට සිය පුතු සමග යතුරු පැදියෙන් නිවසට ගොස් ඇති අතර පසු දින ඔහුගේ නිවසේ දානමය පිංකමක් පවත්වා තිබෙනවා.

ඔහුගේ මෝටර් රථයෙන් හාමුදුරුවන් වහන්සේලා තුන් නමක් වැඩම කර දානය පිරි නමා ඇති අතර එම දානමය පින්කම සඳහා 30දෙනෙකු පමණ සම්බන්ධ වී තිබෙන බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කර ගෙන තිබුණා.

ඔහුගේ දියණිය දෙයියන්දර රෙදිපිලි වෙළඳසැලක සේවය කරන අතර එම වෙළඳසැල ද තාවකාලිකව වසා විෂබීජහරණය කිරීමට සෞඛ්‍ය අංශ සැලසුම් කර තිබෙනවා.

කොළඹ සිට නිවසට පැමිණී පසු අසනීප තත්වයට ප්‍රතිකාර ගැනීමට එම පුද්ගලයා දෙයියන්දර නගරයේ පුද්ගලික බෙහෙත් ශාලාවකට ගොස් ඇති අතර, ඉන් සුවයක් නොලැබුණු විට දෙදිනකට පසු මුලටියන බෙහෙත් ශාලාවකට ගොස් වෛද්‍යවරයෙකුගෙන් පුද්ගලිකව බෙහෙත් ලබා ගෙන තිබෙනවා.

පසුව අසනීප තත්වය උත්සන්න වීම මත වෛද්‍ය උපදෙස් මත ආදපාන රජයේ රෝහල වෙත ඇතුළත් වී කළ පී.සී.ආර්.පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබෙන බව පොලීසිය සදහන් කරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *