කොරෝනා වාර්තා වීමෙන් ‘මරදානේ පවුල් 400කට’ ගෙදරින් පිටවීම තහනම්

මරදානේ පිහිටි නිවාස සංකීර්ණයක වාසය කරන පිරිසට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

එම නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකු ඊයේ (1) කොරෝනා ආසාදනය වීම නිසා මිය යාම හේතුවෙන් මෙම දැනුම්දීම කර ඇති බව වාර්තා වනවා.

ඔහු මෙලෙස මියගොස් තිබුණේ කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගෙන පැය 24ක් ගත වීමටත් පෙරයි.

මේ වනවිට එම පුද්ගලයා පදිංචිව සිටි මරදාන ප‍්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයේ සිටින පවුල් 400 කට අයත් පුද්ගලයින්ට එම නිවාස සංකීර්ණයෙන් පිටවීම සහ බාහිර පුද්ගලයින්ට ඊට ඇතුළුවීම සීමා කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *