Covid 19 නිසා මිය ගණන 24000 ඉක්මවයි

නව කොරෝනා වෛරසය වැළදීමෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 24,000 ඉක්මවා තිබේ.

මේ අතර ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ සිදු වූ මරණ ගණන , වෛරසය පැතිරීම ඇරඹී චීනයේ මරණ ගණනද ඉක්මවා ගොස් තිබියදී ලොව වැඩිම ආසාදිතයින් වාර්තා වන රට බවට අමෙරිකාව පත්වුණි.

චීනයේ වූහාන් නගරයෙන් ඇරඹී ලොව පුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 199ක ව්‍යාප්තව ඇත.

ලොවපුරා කොරෝනා අසාදනයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 24,065 ක් දක්වා ඉහළගොස් ඇති අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 531,609 කට අධිකයි.

මෙම වෛරසයෙන් පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 123,391ක්.

ඒ අතරින්, වෛරසයෙන් වැඩිම පුද්ගල වාර්තා වන්නේ යුරෝපානු කලාපයෙන්.

ඉතාලියෙන් කොරෝනා මරණ 8,215 ක් වාර්තා වන අතර එරට ආසාදිතයන් ගණන 80,589 ක්.

ඊයේ දිනයේත් නව මරණ 712ක් එරටින් වාර්තා වී තිබුණි.

දෙවැනි වැඩිම මරණ ගණන ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර එය 4,365 ක්.

එරට ආසාදිතයන් ගණන 57,786 ක්.

තෙවැනි වැඩිම මරණ ගණන චීනයෙන් වාර්තා වන අතර එය 3,287 ක්.

ඒ අනුව ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ සිදු වූ මරණ ගණන , වෛරසය පැතිරීම ඇරඹී චීනයේ මරණ ගණනද ඉක්මවා ගොස් අවසන්.

ඉරානයෙන් කොරෝනා මරණ 2,234 ක්ද , , ප්‍රංශයෙන් මරණ 1,696 ක්ද , අමෙරිකාවෙන් මරණ 1,293 ක්ද , එක්සත් රාජධානියෙන් මරණ 578 ක්ද මේ වන විට වාර්තා වී තිබේ.

අද වනවිට වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්ව තිබෙන්නේ අමෙරිකාවයි.

නව කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය බවට අමෙරිකාව පත්වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මීටපෙර අනතුරු අඟවා තිබුණි.

ගතවූ පැය 24 තුලදී නව කොරෝනා වෛරස් ආසාදිතයින් 17,057 අමෙරිකාවෙන් වාර්තා වී තිබේ.

ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 85,268ක්.

මේ තමන් වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන සෞඛ්‍යය සේවකයින්ට සිය ආචාර පුද කිරීමට එක්සත් රාජදානියේ වැසියන් එක්ව සිටි ආකාරයයි.

එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,658.

එක්සත් රාජධානිය පුරා ස්මාරක මෙලෙස නිල් පැහැයෙන් ආලෝකමත් කර තිබුණේද සෞඛ්‍යය සේවකයින්ට ගෞරව දැක්වීමක් වශයෙන්.

අප්‍රිකානු කලාපයේ රටවල් 34කින් නව කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා වී තිබේ.

ඒ අතුරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවෙන්.

එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 927ක් වන අතර කිසිදු මරණයක් වාර්තා වී නැත.

පවතින තත්ත්වය හමුවේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට දකුණු අප්‍රිකාව ද පියවර ගෙන තිබේ.

ලොව පුරා රටවල් රැසක් වෛරසයෙන් දරුණු ලෙස පීඩාවට පත්ව සිටියදී වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ චීනය තත්ත්වය පාලනය කිරීමට සමත් වී සිටීම විශේෂත්වයක්.

මේ වනවිට එරටින් වාර්තා වන නව ආසාදිතයින් බහුතරයක් විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයින් වීම කැපී පෙනෙන සිද්ධියක්.

පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් වලංගු වීසා බලපත්‍රයක් සහ පදිංචිය සඳහා අවසර පත්‍රයක් සහිත විදේශිකයින් රට තුළට ඇතුළු කර ගැනීම හෙට දිනයේ සිට තාවකාලිකව අත්හිටුවීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *