කොළඹ කොටුවේ සිට ඇල්ල බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ ගැටීමෙන් ජිවිතක්ෂයට පත්වූ සිසුවා සහ සිසුවිය ගේ ඡායාරූප truenews.lk වෙත ලැබී තිබෙනවා.
එම ඡායාරූප සංස්කරණයට ලක් කර පළ කිරීමට සිදුව ඇති බව කරුණාවෙන් සලකන්න.
මෙලෙස ජිවිතක්ෂයට පත්වූයේ නාවලපිටිය පදිංචි ලලංග හර්ෂ කුමාර සහ ඉඹුල්පිටිය නාවලපිටියේ පචිංදි පියුමි සෙව්වන්දි නැමැති අයයි.
එම ඡායාරූප පහතින් නැරඹිය හැකියි.
……………………………………………
සිසුවිකගේ දිවි බේරන්න ගිය ‘සිසුවයි සිසුවියයි’ දුම්රිය මගේදී අවසන් ගමනේ
නාවලපිටියේදී දුම්රියක ගැටීමෙන් සිසුවෙකු සහ සිසුවියක් අද(02) පෙරවරුවේ මරණයට පත්ව තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ පාසල් සිසුවෙක් හා සිසුවියක් බවයි පොලිසිය සඳහන් කළේ.
කොළඹ කොටුවේ සිට ඇල්ල බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ මෙලෙස සිසුවා සහ සිසුවිය ගැටී ඇති අතර ඒ අලුත්ගම, දෙකිඳ නාවලපිටිය පදිංචි ලලංග හර්ෂ කුමාර සහ ඉඹුල්පිටිය නාවලපිටියේ පචිංදි පියුමි සෙව්වන්දි නැමැති අයයි.
මෙම මියගිය තරුණයා සහ එක් තරුණියක් එකට දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර අනෙක් තරුණිය ජංගම දුරකතනයෙන් කතා කරමින් ඔවුන්ට ඉදිරියෙන් ගමන් කරමින් සිටියදී ඇල්ල දෙසට ධාවනය වූ දුම්රිය දුටු තරුණයා ඔහු සමග ගමන් කළ තරුණියව දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලු කර ඉදිරියෙන් ගමන් කළ තරුණිය බේරා ගැනීමටඋත්සාහ කිරීමේදී දෙදෙනා දුම්රියේ ගැටී ඇති බවයි අනාවරණය වී ඇත්තේ
මෙම දෙදෙනා 15 සහ 16 යන වයස්වල පසුවනවා.
ඔවුන් දුම්රිය මාර්ගය ආසන්නයෙන් ගමන් කරමින් සිටියදී අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.