අධිකරණයට දැමූ කංජිපානි ඉම්රාන්ට වෙච්ච දේ

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන් මාස 03ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ ඔහුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කන්ජිපානි ඉම්රාන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන් බව සඳහන්.

මාකඳුරේ මදුෂ් සමඟ සිටියදී ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කන්ජිපානි ඉම්රාන් එරටින් පිටුවහල් කළ අතර පසුගිය 28 වැනිදා ඔහු ඇතුළු සිව් දෙනෙකු දිවයිනට පැමිණියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *