මන්නාරම සමූහ මිනීවලේ ‘කාබන් පරීක්ෂණ වාර්තාව’ ප්‍රසිද්ධ කෙරේ – වාර්තාව මෙතැනින් කියවන්න

මන්නාරම සමූහ මිනීවලෙන් සොයාගෙන ඇමෙරිකාවේ බීටා ඇනලටික් ආයතනයට යවන ලදැයි කියන අස්ථි සාම්පල හය 1499-1719 කාලයට අයත් බවට අද (7) ප්‍රසිද්ධ කළ කාබන් කාල නිර්ණය වාර්තා පිරික්සද්දී පෙනී යන බව දත්ත විශ්ලේෂකයන් පවසනවා.

බීටා ඇනලටික් ආයතනයෙන් එවා තිබූ ඒ සම්බන්ධ කාබන් කාල නිර්ණය වාර්තා මුදා හරින ලෙස මන්නාරම මහේස්ත්‍රාත් ටී සරවනරාජා මහතා අද (7) නියෝග කළා.

සමූහ මිනිවළ තුළින් 155 වන දිනට අද(07) පරීක්ෂණ පවත්වන අතර, මිනිවළ තුළින් මිනිස් සිරුරු 325 ක අස්ථි කොටස් ‍මතුකර ගැනීමට හැකිවි ඇති අතර, අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 318 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර, ඒ අතර ළමුන් 29දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතින බව වාර්තා වනවා.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *