ගෝඨාගෙන් ප්‍රකාශයක්‌ ගන්න CIDය කළ ඉල්ලීම ඉවතට

Gotabaya-Rajapakse

ඇමරිකානු පුරවැසියකු ලෙස සිටිමින් මැතිවරණ පනත හා පුරවැසි පනත උල්ලංඝනය කරමින් දේශපාලන කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක්‌ අනුව සිදුකරන විමර්ශන සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කිරීමට අවසර ලබාදෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (20 දා) ප්‍රතික්‌ෂේප කළාය.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා එල්. ඒ. සී. උයන්ගොඩ යන මහත්වරුන් විසින් පසුගිය අගෝස්‌තු 15 වැනිදා කරන ලද පැමිණිල්ලක්‌ අනුව විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී බී වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් අධිකරණයට පැවසීය.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවලින් වාර්තා කැඳවා විමර්ශන සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ද එහිදී විමර්ශන නිලධාරීන්ට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරිය නඩුව බහා තැබීමට ද නියෝග කළාය.