මෙරටින් තවත් කොරෝනා මරණ 4ක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16578ක් ලෙසටයි.
මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්.
අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ එක් පිරිමි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
අනෙක් පිරිමි පුද්ගලයා සහ කාන්තාවන් දෙදෙනා අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයට අයත්.
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 666232ක් හඳුනාගෙන ඇති අතර ඉන් 658 දෙනෙකු තවදුරටත් රෝල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 649000ක්.