කාගේත් ආදරය දිනා ගත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සිඟිත්තා මියයයි

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ( Cristiano Ronaldo) සහ ඔහුගේ බිරිඳ වන ජෝර්ජිනා රොඩ්‍රිගස් (Georgina Rodriguez) බිළිඳා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (18) දින රොනාල්ඩෝ සිය නිල ට්විටර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවල සටහනක් තබමින් කියා සිටියේ, තම සිඟිත්තා මියගිය බවයි.

තම දරුවාගේ මරණය සම්බන්ධයෙන් හෙතෙම සංවේදීව මෙසේ ද අදහස් පළ කර තිබුණා.

”අපේ දරුවා මියැදීම බලවත් ශෝකයෙන් යුතුව ප්‍රකාශ කිරීමට සිදු ව ඇති අතර, එය ඕනෑම දෙමව්පිය පාර්ශ්වයකට දැනෙන ලොකුම වේදනාවක්.” බව ද සඳහන් කර තිබෙනවා.(“It is with our deepest sadness we have to announce that our baby boy has passed away. It is the greatest pain that any parents can feel.”)

ලෝකයේ සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් ක්‍රීඩා කරන මෙම සුපිරි පාපන්දු තරුව විසින් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී නිවේදනය කළේ, තමන් සහ බිරිඳ දරුවන් අපේක්ෂා කරන බවයි.

එමෙන්ම, පසුව දෙසැම්බරයේ දී නිවේදනය කළේ, ඔවුන් නිවුන් දරුවන් බලාපොරොත්තුව ඇති බවත්, එම දරු පැටවුන් පිරිමි සහ ගැහැණු දරුවන් වන බවයි.

කෙසේවෙතත්, ‍රොනාල්ඩෝ යුවලට දාව ගැහැණු බිළිඳයක් උපත ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රොනාල්ඩෝ යුවල නිවේදනය කළේ, තම සිඟිත්තා මරණ‍ය දැඩි වේදනාවක් මෙන්ම, එය යම් තරමකට දුක තුනීකොට,වේදනාව සමනය කරගැනීමට උත්තේජනයක් ලබාදෙන්නක් බවයි.

එමෙන්ම, මේ වනවිටත් උපත ලැබූ නව සිඟිත්තිය වෛද්‍ය සහ හෙද හෙදියන්ගේ දැඩි අවධානය සහ උපකාර යටතේ සුරක්ෂිතව සිටින බවත්, ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කළ සියලුම රෝහල් කාර්යය මණ්ඩලයටත් රොනාල්ඩෝ යුවල සිය ගෞරවය සහ ස්තුතිය පුදකර සිටිනවා.

එමෙන්ම, රොනාල්ඩෝගේ පවුලේ ඥාතීන්ට බිළිඳාගේ මරණය ගැන මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායම විසින් ද ශෝකය පළ කර තිබෙනවා.

රොනාල්ඩෝගේ පළමු දරුවා වන රොඩ්රිගස් සමඟින්, ඇලනා මාර්ටිනා උපත ලැබුවේ 2017 නොවැම්බර් මාසයේදීයි.

කෙසේවෙතත් ඔහු 2017 ජූනි මාසයේදී නිවුන් දරුවන් වන ඊවා සහ මාටියෝගේ පියා ද රොනාල්ඩෝ වන අතර, එම දරුවන් ඔහුගේ පළමු විවාහයේ දරුවන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published.