ශ්‍රී ලංකා සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම් අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද (11) පැවැත්වේ.
මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවත්වෙනු ඇත.
වර්ෂාව නිසා තරගාවලියේ පළමු තරගය අතහැර දැමීමට සිදු වූ අතර සත්කාරක ශ්‍රී ලංකාව පසුගිය සඳුදා පැවැති දෙවැනි තරගය ජය ගත්තේ කඩුලු 2කිනි.
ඒ අනුව තරග 3 කින් සමන්විත එක් දින තරගාවලියේ ජය තහවුරු කර ගැනීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වේ.
මේ අතර තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන සිම්බාබ්වේ කණ්ඩායම ද මෙම තරගය ජය ගැනීමට දැඩි උත්සාහයක නිරත වනු ඇති.
තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවන් අතර පෙරමුණේ පසු වන්නේ, නවක ක්‍රීඩක ජනිත් ලියනගේය.
ඔහු නිමා වූ තරග දෙකේදී ලකුණු 119ක් රැස් කර ඇත.
තරගාවලියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන සිටින්නේ, සිම්බාබ්වේ කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක රිචඩ් (න්)ගාර්වායි.
අද තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.