ලංගම රියැදුරන් සිදු කරනු ලබන වැරදි ලේඛනගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ, අනතුරු වළක්වා ආරක්ෂිත රිය ධාවනයකට පෙළඹවීම සඳහායි.
මේ යටතේ ලංගම රියැදුරන්ට අකුසලතා පරීක්ෂණ පොතක් හඳුන්වා දෙනු ඇති.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා මහතා සඳහන් කළේ, මෑත කාලයේ ලංගම බස් අනතුරට ලක්වීම් සළකා බලා මේ තීරණයට එළඹි බවයි.
වසරේ ගත වූ කාලය තුළ ලංගම බස් රථ සම්බන්ධ අනතුරු 218ක් සිදු වී ඇත.
ඉන් මාරක බස් රථ අනතුරු සංඛ්‍යාව 19ක් වන අතර ඉන් ජීවිතක්ෂයටපත් වූ පුද්ගලයින් සංඛ්‍යාව ද 19කි.
මෙම අනතුරු හේතුවෙන් වර්ෂයකට ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 30 – 40 කට ආසන්න මුදලක් වන්දි වශයෙන් ගෙවීම් සිදුවන බව ඔහු පැවසුවේ ය.