දිස්ත්‍රික් 5ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

දිවයිනේ දිස්ත්‍රික්ක 5 ක් සඳහා පනවා ඇති ඇදිරි නීතිය අද (27) උදෑසන 6.00 ට තාවකාලිකව ඉවත් කෙරුණා. මෙලෙස ඇදිරි නීතිය ඉවත් කරන දිස්ති‍්‍රක්ක වන්නේ පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව්. පසුව අද දහවල් 2.00 ට එම දිස්ත්‍රික්කවලට යළි ඇදිරි නීතිය පැනවීමට නියමිතයි.

එය ලබන සදුදා (30) උදෑසන 6.00 දක්වා කි‍්‍රයාත්මක බවයි පොලීසිය පැවසුවේ. පසුව එදින දහවල් 2.00 දක්වාද පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට යළි ඇදිරි නීතිය ඉවත් කර තැබෙනු ඇති. එදිනම දහවල් 2.00 සිට එම දිස්ති‍්‍රක්කවලට ඇදිරි නීතිය යළි පැනවීමට නියමිතයි.

ඊයේ (26) තාවකාලිකව ඇදිරි නීතිය ඉවත් කර තැබුණු දිස්ත්‍රික්කවලටද ලබන සදුදා උදෑසන 6.00 සිට දහවල් 2.00 දක්වා නැවත ඇදිරි නීතිය ඉවත් කර එදිනම දහවල් 2.00 සිට ඇදිරි නීතිය යළි පැනවෙනවා.

ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කරන ප‍්‍රදේශවල ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදිය යුතු බව සෞඛ්‍ය අංශ සහ ආරක්‍ෂක අංශ දැනුම් දෙනවා. ඉකුත් දිනවල තාවකාලිකව ඇදිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශවල ඇතැම් පිිරිස් මීටරයක දුර තබා ගනිමින් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කළද ඇතැම් ප‍්‍රදේශවල එම තත්ත්වය දක්නට ලැබුණේ නැහැ. එබැවින් සෞඛ්‍ය උපදෙස් පිළිපැද මෙතෙක් වෛරසය පාලනය කිරීමට ගෙන ඇති කි‍්‍රයාමාර්ගවලට සහය ලබාදෙන ලෙසයි සෞඛ්‍ය අංශ සහ ආරක්‍ෂක අංශ යළි යළිත් දැනුම් දෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *