කොරෝනා හැදුනු අම්මාව ගෙනයන්න නොදෙමින් පුතා යකා නටයි – තාත්තා මේවන විටත් ආසාදිතව රෝහලේ

කඩවත, රන්මුතුගල වැවහේන ප්‍රදේශයේ කොවිඩ් නයින්ටීන් වෛරසය වැළඳි කාන්තාවක් රැගෙන යාමට පැමිණීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැනුම්දීමට අනුව එහි පැමිණි පොලිස් නිලධාරීන් සහ එම කාන්තාවගේ පුත්‍රයා සමගයි.

කෙසේ වෙතත් විරෝධය මධ්‍යයේ වෛරස් ආසාදිත කාන්තාව රැගෙනයාමට සෞඛ්‍ය අංශ මෙහිදී පියවර ගත්තා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීම සඳහා ගොස් වෛරසය ආසාදනය වී ඇති මෙම පවුලේ පියාද මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *