ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන මහතා මැයි මාසයේ 9වන දින විවාහ දිවියට එළැඹීමට නියමිත බව වාර්තා වනවා.
නිපුනි වීරරත්න සමග අතිනත ගන්නා විවාහ උත්සවය පැවැත්වෙන්නේ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී.
එල්කාඩෝ ආයතනයේ අධ්‍යක්‍ෂිකාවක වන නිපුනි වීරරත්න මෙනෙවිය එහි හිමිකරුවන අතුල එස්. වීරරත්න මහතාගේ දියණියයි.
එල්කාඩෝ ඉන්ඩස්‌ට්‍රීස් පෞද්ගලික සමාගම සහ එල්කාඩෝ ට්‍රේඩින් පෞද්ගලික සමාගම 1985 සමාරම්භයේ සිටම සිය සේවා සපයනවා.
ඔවුන්ගේ විවාහ ආරාධනා පත්‍රය සහ එල්කාඩෝ ශාඛාව මීගමුව නගරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබු අවස්ථාවේ නිපුනි වීරරත්න පොල්තෙල් පහන දැල්වූ ආකාරය පහතින් දැකගත හැකියි.