ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජය වීම ස්ථිරයි.. දිනන්න බෑ.. ලෝකය භාවිතා කරන අලුත්ම ක්‍රමවේදය ධම්මික හෙළි කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී පරාජය වීම ස්ථිර බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසනවා.

කෘතිම බුද්ධිය භාවිතයෙන් ජාතික මූලෝපායන් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති දේශනයක දී ඔහු මේ බව සඳහන් කළා.

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ද Artificial Intelligence යොදා ගත හැකි බවත්, මේ වන විට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල ක්‍රිකට් කණ්ඩායම් තම කණ්ඩායම් තේරීමේ දී එය යොදා ගන්නා බවත් ඔහු පෙන්වා දුන්නා.

වර්තමානයේ දී ඉන්දීය ක්‍රිකට් පිලට Artificial Intelligence තාක්ෂණය මඟින් සහාය වන්නේ නිනෝල්පාල් නම් සමාගමක් බවත්, ඉන්දියාවේ පාසැල් මට්ටමේ සියලු ක්‍රීඩකයින් Geotag හරහා සම්බන්ධ කරගනිමින් හොඳම ක්‍රීඩකයින් තෝරා ගන්නා බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

එසේම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ක්‍රිකට් පිත්තට ඇලවිය හැකි Artificial Intelligence තාක්ෂණය සහිත ස්ටිකරයක් නිපදවා ඇති බවද, එමඟින් පිතිකරුවන්ගේ පහරවල් නිරීක්ෂණය කරමින් හොඳම පිතිකරුවන් තෝරා ගන්නා බවද ඔහු කියා සිටියා.

තවද පන්දු යවන්නන්ගේ වේගය නිරීක්ෂණය කරමින් සංචිතයක් තෝරා ගෙන එමගින් හොඳම ක්‍රීඩක සංයෝගය තරඟය සඳහා තෝරා ගන්නා බව ද ධම්මික පෙරේරා මහතා මෙහිදී හෙළිදරව් කළා.

“අපිට ඉස්සරහට පරදින එකනම් ෂුවර්. දිනන්න හම්බුවෙන්නේ නැහැ. මොකද අපි Artificial Intelligence දාන්නේ නැහැනේ. අඳුරනවා නං තමයි අපි අරින්නේ. ඒකට කියන්නේ Emotional Human Intelligence. අඳුරන එක්කෙනාව විතරයි දාන්නේ.ඇත්තටම ඔස්ට්‍රේලියන් ටීම් එක දැන් Artificial Intelligence use කරනවා. දැන් ඒ ගොල්ලන්ගේ බැට්මන්ස්ලායි බෝලර්ස්ලායි ඔක්කොම දාන්නේ ඒ විදියට“, යැයි ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔහුගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *