ඔස්ටේ්‍රලියාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (04) පැවැත්වෙන තරගයෙන් ඔස්ටේ්‍රලියාව පරාජයට පත්ව, එංගලන්තය සමග හෙට පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ජයගතහොත් අවසන් පූර්ව වටයට යෑමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම සතු බව ශානුක රාජපක්ෂ පවසනවා.
එංගලන්තය සමග හෙට පැවැත්වෙන තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් භානුක මේ බව සඳහන් කළා.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය හෙට එංගලන්තය සමග පැවැත්වෙනවා.
මේ වන විටත් ශ්‍රී ලංකා තරගාවලියට එක්වන එක කාණ්ඩයේ කණ්ඩායම් අතර මේ වන විට තියුණු තරගයක් නිර්මාණය වී තිබෙනවා.
එම කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණේ පසුවන නවසීලන්තය සහ ඔස්ටේලියාව අද තරගය ජයගත හොත් ඔවුන්ට ප්‍රෂාද ලකුණු 7 බැගින් හිමිවන අතර ශ්‍රී ලංකාව කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අහිමිව යනවා.
හෙට එංගලන්තය සමග පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ජයගෙන අද පැවැත්වෙන තරගවලින් ඔස්ටේලියාව හෝ නවසීලන්තය පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටය පිළිබද බලාපොරොත්තු තබාගත හැකිව වනවා.