මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීම පිළිබඳ දින වකවානු මේ වන විට තමා තීරණය කර අවසන් යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා එසේ පැවසුවේ ඊයේ (31)පස්වරුවේ මෝදර වි පැවැති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන අමතමින්.
ජීවිත අවදානම ද නොතකමින් තමා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන අතට ගත්තේ මතු පරපුර වෙනුවෙන් යහපත් දේශයක් ගොඩනැගීමට බව පැවසූ ජනාධිපතිවරයා කුමන අභියෝග මධ්‍යයේ වුවද එම සටන සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බව අවධාරණය කර සිටියා.
රට වෙනුවෙන් වූ එම වැඩපිළිවෙළ සමග අද සමස්ත පොදු ජනතාව ඇතුළු සියලූ පාර්ශ්වයන් අත්වැල් බැඳගෙන අවසන් බව සඳහන් කළ ජනාධිපතිවරයා මතින් නිදහස් රටක් වෙනුවෙන් වූ සංකල්පය යථාර්ථයක් වන දිනය වැඩි ඈතක නොවන බවද කියා සිටියා.