පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සිය සොහොයුරා සහ සොහොයුරිය මිය ගිය බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් ලින්සි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා.
ඒ, ප්‍රහාරයෙන් විපතට පත්වූ මෙරට පවුල්වලට උපකාර කිරීම සහ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමේ තම වැඩසටහන් පිළිබදව දැනුවත් කිරීමටයි.
ඔහුගේ පියා සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදි 19 හැවිරිදි ඩැනියෙල් සහ 15 හැවිරිදි අමෙලි යන සොහොයුරා සහ සොහොයුරිය පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්ව ජීවිතයෙන් සමු ගත්තා.
අනතුරුවයි සරසවි සිසුවෙකු වන 21 හැවිරිදි ඩේවිඞ් ලින්සි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් අරමුදලක් ස්ථාපිත කර ඇත්තේ.
එය – “දි – අමෙලි ඇන්ඩ් ඩැනියෙල් ලින්සි” පදනම නමින් නම් කර තිබෙනවා.
එමගින් එක්රැස් කර ගත් මූල්‍යාධාර රැගෙනයි ඩේවිඩ් ලින්සි ශ්‍රී ලංකාවට පැමිණ ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසුණේ.