දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කෙරේ

දිවයිනේ සියළු දිවාසුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 02 සිට විවෘත කිරිමට අවසර ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

පෞද්ගලික හා රාජ්‍ය සේවා ස්ථානවල සේවයට යන දෙමාපියන් තම දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රඳවා තැබීම ප්‍රධාන අවශ්‍යතාවයක් වී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලසීමාවේ දිවාසුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර හිමිවූයේ නෑ.

කෙසේ වෙතත් දෙමාපියන්ගේ ඉල්ලීම් සහ අවශ්‍යතාවය සළකා බලමින් සහ මාස දෙකක් වැනි කාලයක් තුල සමාජය තුලින් කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වී නොමැති බැවින් ජුලි මස 02 දින සිට දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කර ඇති බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *