එජාපය කුමන තීරණ ගත්තත් දයා ගමගේ ගෝඨාගේ සහායට

පක්ෂය කුමන තීරණ ගත්තද, අද වන විට රට මුහුණ දී ඇති තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ආදි ආනන්දීයයෙකු ලෙස තමන් ජනාධිපතිවරයාට සහය දක්වන බව දයා ගමගේ මන්ත්‍රීවරයා පවසනවා.

කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවති උත්සවයකදි ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

රට ගොඩනැගීම සඳහා සියළුම ආනන්දීයයන්ට එකතුවන ලෙස ජනපතිවරයා ඇරයුම් කළ බවත් තමන්ද ආනන්දීයයෙකු වශයෙන් ජනාධිපතිවරයා කළ ඇරයුම පිළිගන්නා බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

පක්ෂ අතර දේශපාලන තීන්දු තීරණ කුමක් වුවත් රට වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගවලට සහය දක්වන බවද ඔහු සඳහන් කළා.

ඉදිරි මැතිවරණයෙදි සිය පක්ෂය ජය ගන්නා අතර ඒ අනුව රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයාට සහය දක්වන බවත් කිසිදු අවස්ථාවකදි ජනාධිපතිවරයාට විරුද්ධව කටයුතු කිරීමට අවශ්‍ය නොවන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කටයුතු කළාට වඩා පහසුවෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කටයුතු කළ හැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

You May also like

1 Comment

  1. ආනන්දේ කියලා අමුතු එකක්ද? අනේ උබලට නම් බලේට එන්න වෙන්නෙ නෑ මේ ආත්මේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *