“නිදහස් පක්ෂය සියඹලා ගෙනල්ලම නැද්ද..පක්ෂය මරන්න දෙන්නේ නෑ” – පක්ෂ දීගය ගැන දයාසිරි කලකිරේ

වත්මන් ආණ්ඩුව ජයග්‍රහණය කරවීම සඳහා බලවේගයක් ලෙස ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන් වැනි තැනට ඇද දැමීමට ඉඩ ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

හෝමාගම මහා විද්‍යාලයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් සිටින බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන්වන පන්තියට දමන වැඩ පිළිවෙලට තමන් විරුද්ධ බවත් පක්ෂයේ මහලේකම් ලෙස සියලු දෙනාට වඩා පක්ෂය පිළිබඳ වැඩි වගකීමක් තමන්ට ඇති බවත් ඒ මහතා සඳහන් කළා.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියඹලා ගෙනල්ලම නැද්ද.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න දෙන්නේ නෑ .අපි මේ ගැන ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමග සාකච්ඡා කරනවා.නිදහස් පක්ෂය තුන් වැනි තැනට දමන්නේ නෑ .” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *