මට හැමදාම ගම තියෙනවා – දයාසිරි ෆුල් ටයිම් වයඹ ගේමට බහියි

කාට ගමට යන්න බැරිවුණත් තමන්ට තවමත් ගම හුරු බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසයි. වයඹ ජනතාවගේ අඩුපාඩු, දුෂ්කරතා හා ඕනෑ එපාකම් හොඳින් හඳුනන තමන්ට වයඹ පළාත ජයගැනීම අසීරු නොවන බව ද ඡන්ද ක්‍රමය ද සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

පක්ෂය අවසර ලබා දෙනවානම් වයඹ පළාතේ ප්‍රධාන ඇමැති ධූරයට තරග කිරීමට තමන් සූදානම් බව මින් ඉහතදී රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසා තිබිණි.

එමෙන්ම වයඹින් කවුරුන් තරඟ කලත් තමන්ට එය අභියෝගයක් නොවන බවද මැතිවරණයක් පැවැත්වීමට ප්‍රථම මෙරට නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බවත් ඔහු පැවසුවේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *